Uncategorized

කාන්තාවක් වන්නේ අකුසලයෙන් ද? – රාජගිරියේ අරියඥාන හිමියන් ට පිළිතුරු – 02

කාන්තාවක් වන්නේ අකුසලයෙන් ද?

රාජගිරියේ අරියඥාන හිමියන් ට පිළිතුරු – 02

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යැයි කියා ගනිමින් ධර්ම දේශනා පවත්වනු ලබන පූජ්‍ය රාජගිරියේ අරියඥාන හිමියන් එක් වීඩියෝවක පවසනුයේ කාන්තාවක් වන්නේ පෙර ජීවිතයක කාමයේ වරදවා හැසිරීමෙන් බවයි

එහෙත් අට්ඨකථාවෙහි දැක්වෙනුයේ මෙසේ යඃ

 

ඉත්ථිලිඩ්ගං දුබ්බලකුසලෙන පතිට්ඨාති – “ස්ත්‍රී ලිංගය පහලවනුයේ දුර්වල කුසලයෙනි (අකුසලයෙන් නොවේ)”.

පුරිසලිඞ්ගං බලවකුසලෙන පතිට්ඨාති – “පුරුෂ ලිංගය පහලවනුයේ බලවත් කුසලයෙනි”.

(පාරාජිකාපාළි අට්ඨකථාව)

මේ අනුව විමසා බැලීමේ දී රාජගිරියේ අරියඥාණ හිමියන් සිතෙන සිතෙන දෑ කියනු විනා ධර්ම විනය තුලින් මේ කරුණු හදාරා හෝ ගලපා බලා නැති බව අප ගේ අදහසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *