Uncategorized

චුන්දකර්මාර පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ ට වස විෂ දානයක් පූජා කෙළේ ද?

එක්තරා (අ)ධර්ම දේශනාවක දී හිමි නමක් පවසනුයේ භාග්‍යවතුන් වහන්සේ ට සිව්වනක් පිරිස අකීකරු වූ හෙයින් චුන්දකර්මාර පුත්‍රයා ගේ දානය විෂ සහිත බව දැන දැන ම එය වළඳා පිරිනිවන් පෑම ඉක්මන් කර ගත් බවකි. ඒ දේශනාවට අනුව භාග්‍යවතුන් වහන්සේ සිව්වනක් පිරිස අකීකරුභාවයට පත් වූ හෙයින් වුවමනාවෙන් ම පිරිනිවන් පෑවා යන කියමන ඉතාමත් ම අධර්මවාදී හා තථාගතයන් වහන්සේට කරන ලද්දා වූ ප්‍රබල උපවාදයක් ය යන්න අප ගේ හැඟීමයි. භාග්‍යවතුන් වහන්සේ සියදිවි හාණි කරගත්තා වැනි කියමනක් එහි අන්තර්ගත ය.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවියේ සිව්වනක් පිරිස අකීකරු වූ හෙයිනැයි යන ප්‍රකාශයට පිළිතුරු දීම මඳකට පසෙක තබා චුන්දකර්මාර සෝවාන් වහන්සේ ට මේ දේශකයන් වහන්සේ කරන්නා වූ උපවාදය ට පිළිතුරක් ලෙස උතුම් වූ ත්‍රිපිටකයෙන් මෙසේ ඒ දානය කුමන ආකාරයක එකක් දැයි පෙන්වා දීම වටී.

ඛුද්දක නිකායෙහි ඛුද්දකපාඨ –  පාටලිගාමිය අනුවග්ගයෙහි ඇතුලත් චුන්දසූත්‍රයෙන් උපුටා ගත් පහත කොටස කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්නෙමුඃ

 

මෙහි පැහැදිළිව ම සඳහන් වනුයේ………

“එයින් තුන් මසකට පෙර බෙ`ඵව ගමෙහි දී උපන් ආබාධය මේ තාක් ම දින පතා සමවත් සමවදිමින් මැඩ පවත්වා යට පත් කරන ලද නුමුත් සිය සිරුරෙන් ම සත්ත්වයනට සංවේගය උපදවන අදහසින් චුන්දයා ගේ දානයෙන් පසු එය මතු වන්නට ඉඩ දී සමවත් නො සමවන් බැවින්……………..”

භාග්‍යවතුන් වහන්සේ විසින් තථාගත ශරීරයෙන් ම ලෝ සතුනට සංවේගය උපදවනු පිණිස රෝගය යටපත් නො කළහ. එසේ නොමැතිව චුන්දකර්මාර පුත්‍රයාගේ දානය නිසා ඇතිවූවක් නොවේ.

යම් අයෙකුට චුන්දකර්මාර පුත්‍රයා ගේ දානය වැළඳූ පසු භාග්‍යවතුන් වහන්සේගේ රෝගය උත්සන්න වූයේ යැයි හැඟීමක් ඇතිවීම වැළැක්වීමට භාග්‍යවතුන් වහන්සේ අනඳ මහතෙරුන්ට මෙසේ දැන්වූහඃ

ඉහත සඳහන් අයුරින් චුන්දකර්මාර පුත්‍රයාගේ දානයත් සුජාතා සිටුදේවිය ගේ දානයත් පිණ්ඩපාතයන් අතුරින් අග්‍ර දානයන් බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ. එමෙන්ම චුන්දකර්මාරපුත්‍රයා විසින් ස්වර්ගය පිණිස පවත්නා කර්මයක් රැස් කරන ලද බව භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුනට දැන්වූහ.

කරුණු මෙසේ තිබිය දී අප ඉහත සඳහන් කළ හිමිනම ධර්මය උඩු යටිකුරු කොට අග මුල පටලවා කුශලය අකුශලයක් කොට දක්වා භාග්‍යවතුන් වහන්සේටත්, චුන්දකර්මාරපුත්‍රයාටත් උපවාද කරමින් ඒ ආර්යඋපවාදයන් ට තම ශ්‍රාවකයින් ද හවුල් කර ගැනීම ගැන අප කණගාටු වන්නෙමු.

ශ්‍රවණය කරන දේශනාව කුමක් වුව ද එය බුද්ධ දේශනාවට ගළපා බැලීමට මේ කාලයයි.

මෙත් සිතින්….

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *