Uncategorized

සූකරමද්දව යනු හතු ද? සූකර මාංශය ද?

භාග්‍යවතුන් වහන්සේ ගේ පරිනිර්වාණය ට ප්‍රථම දුන් මහා දානය වන චුන්දකර්මාර පුත්‍රයා විසින් දුන් දානය ට පූජා කරන ලද සූකරමද්දවය මාංශයකැයි සමහරෙක් කියති. එය මාංශයක් නොව හතු වර්ගයකැයි තවෙකෙක් තර්ක කරති.

මේ පිළිබඳව ඇති දුර්මත ඛණ්ඩනය කරනු වස් මහා අට්ඨකථාව හා ටීකාවන් ගෙන් උපුටා ගත් කරුණු පහත දැක්වේ. සැක ඇත්තෝ සැක දුරුකර ගනිත්වා.

මේ පිළිබඳව පවතින මිථ්‍යා මත
01. සූකරමද්දව යනු ඌරන් විසින් පාගන ලද තැන්වල හටගත් උණබොඩ විශේෂයකි
02. සූකරමද්දව යනු ඌරන් විසින් පාගන ලද තැන්වල හටගත් නයි හතු විශේෂයකි
03. සූකරමද්දව යනු රසායනික විශේෂයකි
04. සූකරමද්දව යනු පස්ගෝ රස යොදා සාදන ලද මෘදු සිනිඳු ආහාරයකි
පහත දැක්වෙන උපුටනයන් හි යටින් ඉරි ගසා ඇත්තේ ඒ මිත්‍යා මත පිළිබඳව අට්ඨකථාචාරීන් වහන්සේලා එකල කළ පෙන්වා දීම් ය.

සත්‍යය….
සූකරමද්දව යනු තරුණ නොවූ මහ`ඵ නොවූ නොමේරූ ඌරෙකු ගේ මාංශයයි.

 

 

01. උදානපාළි අට්ඨකථාව…….

සූකර මද්දවය යනු උරෙකු ගේ මෘදු සිනිඳු වූ පවත්ත මාංශය යැයි මහා අට්ඨකථාවේ කියන ලදී.

සමහරු වනාහි සූකර මද්දවය යනු සූකර මාංශයක් නොව ඌරන් විසින් පාගන තැන උණබොඩ වර්ගයක් යැයි කියති.

තවත් අය සූකරයන් විසින් පාගන ලද ප්‍රදේශයෙහි හටගත් ගත් නයි හතු වර්ගයකැයි කියති.

තවත් සමහරුන් සූකර මද්දවය යනු එක් රසායනයකැයි කිවෝ ය.

එහි චුන්දකර්මාර පුත්‍රයා අද භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක් යැයි අසා යම්කිසි දෙයක් පරිභෝජණය කොට භාග්‍යවතුන් වහන්සේ චිරාත් කාලයක් ජීවිතය පැවැත්වීමට පහසුවේවා යැයි යන අදහසිනි.

 

 

02. දීඝනිකාය අට්ඨකථාව……….

සූකරමද්දවය යනු අතිතරුණ නොවූ අතිමහ`ඵ නොවූ එක්තරා ජ්‍යෙෂ්ඨ ඌරෙකු ගේ අනවජ්ජ මාංශයයි. එය වනාහි මෘදු වූත් සිනිඳුවූත් වෙයි. පිළියෙල කළ මාංශයක් විය යනු අර්ථයයි.

සමහරු සූකරමද්දවය යනු මෘදු ආහාරයක්, පස්ගෝ රස යොදා පිළියෙල කරන මෘදු ආහාරයකට නමක් යැයි කියති.

සමහරු සූකරමද්දවය යනු බෙහෙතකි. එය වනාහි වෛද්‍ය ශාස්ත්‍රයේ පැමිණේ.

එය චුන්ද විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ පිරිනිවන් පෑම නොවේවා යන අදහසින් බෙහෙතක් පිළියෙල කරන ලදී යි කියති.

එහි වනාහි දෙදහසක් පරිවාර දූපත් ඇතු`ඵ සතරමහා ද්වීපයන්හි දෙවියන් දිව්‍ය ඕජාව බහාලූහ.

 

 

03. දීඝනිකාය ටීකාව

සූකර මද්දවය යනු කැලෑ ඌරෙකුගේ මෘදු මාංශය,

 

අට්ඨකථා / ටීකා උපුටනයන් පහතින් බාගත කරගන්න.

PDF LINK

http://banamaduwa.com/wp-content/uploads/2017/08/Sukara-Maddawa.pdf

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *