සම්බුද්ධ ජයන්ති ත්රිපිටක ග්රන්ථමාලා
උතුම් බුද්ධභාෂිතය තවමත් නිර්මලව නො වෙනස්ව පවත්නා සම්බුද්ධ ජයන්ති ත්රිපිටක රත්නයන් පරිශීලනය ක්රමයෙන් හීන වෙමින් පවතින හා ඒ නිසාවෙන් ම විවිධ මතවාද ඉදිරිපත් කරමින් ශ්රාවකයින් අන්දමන්ද කරවමින් හතු පිපෙන්නා සේ බිහිවන දේශකයන් වහන්සේලා ගෙන් අහිංසක මෙන්ම බහුශ්රැත නො වූ බෞද්ධ පින්වතුන් බේරා ගැනීමේ අදිටනින් යුතුව මූලික බුද්ධ දේශනාවන්ට ම නැවත යොමු කරවීමේ අදහසින් පහත වෙබ් දිගුව ඔබට ඉදිරිපත් කරන්නෙමු. එයින් සම්බුද්ධ ජයන්ති ත්රිපිටක ග්රන්ථ මාලාවන් නොමිලයේ බාගත කර ගත හැක.
http://aathaapi.org/Thripitaka.php
පරම පූජණීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි
“මං ධර්මය ඉගෙන ගත්තේ හරි අමාරුවෙන්. ඒ නිසා මට හිතුණා මේ ධර්මය මාත් හොඳට තේරුම් අරගෙන අනෙක් අයටත් කියා දෙන්න ඕනෑ කියලා. බුදුහාමුදුරුවන්ගේ ධර්මය ගැඹුරුයි. මේ ගැඹුරු ධර්මය පැහැදිලි අවබෝධයකින් තොරව ලියන්නට කියන්නට යාම හරිම නිෂ්ඵල වැඩක් කියලා මට හිතුනා. සමහර ධර්ම කාරණා තේරුම් ගන්නට මං සති ගණන් මාස ගණන් කල්පනා කළා. ඒ අනුව මං හරියට තේරුම් නො ගත්ත කිසිම කාරණයක් මගේ පොත්වල ලිව්වේ නැහැ.”
https://banamaduwa.com/ebooks.php
වෙනත් වටිනා වෙබ් පිටු
http://www.accesstoinsight.org/